බිස්නස් එකේ පළවෙනි Customers 10 වියදමක් නැතුව හදාගන්නේ කොහොමද?

බහුතරයක් අයට තියෙන ගැටලුවක් තමා Business එකක් පටන් ගත්තට මේක කාටද මුලින්ම විකුණන්නේ කියලා අදහසක් නැ. මේ ගැන කිසිම අදහසක් නැති නිසා මේ අය එක එක අයට ප්‍රඩක්ට් විකුනන්න උත්සහා කරලා ව්‍යාපාරය ෆේල් කියලා ව්‍යාපර නවත්තලා දානවා. මොකද මේ අය හිතාගෙන ඉන්න දෙයක් සහා Social Media වල සමහර Content දැකලා හිතන දෙයක් තමා Facebook Page එකක් හදාගත්තාම එහෙමත් නැත්නම් TikTok එකේ විඩියො එකක් දැම්මාම ඔක්කොම හරි, බිස්නස් වෙනවා කියලා.

ඇත්තම කතාව නම් එහෙම Social Media Accounts හැදුව පමණින් ඒවගේ විඩියෝ ෆොටොස් දැමූ පමණින් මිනිස්සු ඔයාගේ Products/Service මිලදී ගන්නේ නෑ.

අපි මොනවා හරි අලුත් බිස්නස් එකක් පටන් ගත්තාම අපි මේ ගැන Market Research එකක් කරන්න ඕනේ. මේ Market Research එක කරන්න හොදම පිරිස තමා මේ පළවෙනි පාරිභෝගිකයො 10 කියන්නේ. Market Research කියපුවාම බය වෙන්න එපා මේක ඔයාට කර ගන්න විදිහ මම සරල විදිහට පැහැදිලි කරලා දෙනවා.

How do you find these first 10 customers?

එතකොට අපි කොහොමද මේ පළවෙනි කස්ටමර් 10 හදන්නේ කියන ගැටලුව තමා දැන් ඔයාට එන්නේ. මේක කරන්න අපිට කොටස් දෙකක් තියෙනවා.

01. Your close people

ඔයාගේ ලඟම ඉන්න පිරිස; ඔයාගේ පවුලේ අය ඔයාගේ යාලුවො නෑදෑයෝ කියන අය තමා මේ කොටසට වැටෙන්නේ. ඔයා බලන්න මුලින්ම මෙන්න මේ කුලකයේ ඉන්න අයගෙන් කාටද ඔයාගේ ප්‍රඩක්ට් එක නැත්නම් සර්විස් එක අවශ්‍යය වෙන්නේ කියලා. ඒ අයට ඔයාගේ ප්‍රඩක්ට් එක දෙන්න ඒ අයගේ Feedback ගන්න එයාලගේ Experience එක අහන්න.

ඒ ලැබෙන Data වලින් ඔයාගේ ප්‍රඩක්ට් එකේ වෙනස් වෙන්න ඕනේ දෙවල් හදාගන්න එහෙම හදන්න දෙයක් නැත්නම් ඔයාගේ ප්‍රඩක්ට් එක ගැන Google Review එකක් ඉල්ල ගන්න. ඔයාට පුළුවන් මේ Reviews ඔයාගේ මේ සර්කල් එකේන් එලියේ ඉන්න Real Customer Bass එකට ශෙයාර් කර ගන්න.

මගේ පෞද්ගලික අත්දැකිමක් මම ඔයාත් එක්ක ශෙයාර් කර ගන්නම්; මම @mr. beard පටන් ගත්ත කාලේ මම මුලින්ම හදුන ගත්තේ මගේ බියර්ඩ් ප්‍රඩක්ට් යූස් කරන්න අවශ්‍යතාව තියෙන මගේ යාලුවො ඒ අයට මේ ප්‍රඩක්ට් දිලා මම මුලින් හරි සුවදක් ගැන මිලක් ගැන අදහස ගත්තේ. ඒ අදහස් වලින් ගත්ත data වලින් ගත්ත තීරණ වලින් පස්සේ තමා මම Brand Launch එක කරන්නේ.

තවත් අත්දැකිමක් විදිහට තමා මම Social Media Marketing පටන් ගද්දි මුලින්ම කරේ University of Jayawardenapura Entrepreneurship හදාරද්දි මාත් එක්ක හිටිය අයගේ ආයතන වල Social Media සහා Web Development කරන්න පටන් ගත්ත එක. ඒ හරහා ඒ අයගේ අත්දැකිම් එක්ක මම දෙවල් ඉගෙන ගන්න ගමන් තමා ඒ Service Quality එක වැඩි කලේ.

02. Your own social media

ඔයාගේ Personal social media; මෙතනදි ඔයාට කරන්න පුළුවන් දේ තමා ඔයාගේ social media වල ඔයාගේ ප්‍රඩක්ට් එක ගැන කතා කරන්න ගන්න එක සහා ඔයාගේ social media audience එකට ඔයාගේ ප්‍රඩක්ට් එක හදුන්වා දීම. බිස්නස් එකට වෙනම පේජ් හදන්න කලින් මේ වැඩේ කරන්න මෙතනදි ඔයාට ඉක්මනට මාර්කට් එකට ඔයාගේ ප්‍රඩක්ට් එක අරගෙන යන්න පුළුවන් වෙනවා. මේක දිගින් දිගටම ඔයාගේ Personal Account එකෙන් කරන්න එපා පාරිභෝගිකයන් අතරට ප්‍රඩක්ට් එක යද්දි බිස්නස් එකට වෙනම social media pages පටන් ගන්න.

මේ දෙවෙනි එකට අපි කියනවා personal branding කියලා දැන් නම් මේක ගැන ගොඩක් අය කතාවෙන මාතෘකාවක්. මම මේක 2018 වගේ කාලයේ ඉදන් කතා කරපු දෙයක් මොකද දැන් ඉන්න මාර්කට් එක විස්වාස කරන්නේ ප්‍රඩක්ට් එකක් හෝ සර්විස් එකක් නෙමේ ඒ පිටිපස්සේ ඉන්න පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම.

මෙන්න මේ දේ මට 2018 කාලයේ තේරුන නිසා මම ඒ කාලේ Mr. Beard කියන පුද්ගලයා මම කියන එක හිමිට සමාජගත කරන වැඩපිලිවෙලක් මම කරගෙන ආවේ.

මේ වගේ ඔයාටත් පුළුවන් ඔයාගේ personal brand එක හිමිට ගොඩ නගන්න පටන් ගන්න. ඔයා පටන් ගන්න ව්‍යපාරයට ගැලපෙන සෝෂල් මිඩියා ශෘප් එක්ක එකතු වෙන්න. ඒ ඉන්න සමාජිකයන් එක්ක ලයික් කමෙන්ට් කරලා එන්ගේජ්මන්ට් එකක් හදාගන්න. මේ වගෙ පොඩි ක්‍රියාකාරකම් වලින් ඔයාට පුළුවන් ඔයාට Attention ගන්න. වර්තමානයේ Public Attention තමා මුදල් බවට Convert වෙන්නේ.

මෙන්න මේ මම කිව්ව කොටස් දෙකෙන් ඔයාට පුළුවන් ඔයාගේ පලවෙනි පාරිභොගිකයො 10 දෙනා හදාගන්න වගේම ඔයාගේ ප්‍රඩක්ට් එක සර්විස් එක මාර්කට් එකට ගැලපෙනවද කියන දේ දැන ගනගෙන ෆේල් නොවෙන බිස්නස් එකක් පටන් ගන්න.

නිකන්ම සෝෂල් මිඩියා පේජ් හදාගෙන අපෙනුත් බඩු ගන්නකො කියලා බලාගෙන ඉන්නේ නැතුව පේජ් එක පටන් ගන්න පලවෙනි දවසෙම ඔයට පුලුවන් හොද Customer Review’s කිහිපයක් සහා පාරිභෝගික අවශ්‍යතාව ගැලපෙන හරි ප්‍රඩක්ට් එකක් මාර්කට් එකට දෙන්න.

ඔයත් අද පටන් ගන්න හෝ පටන් අරන් ඉන්න ව්‍යාපාරය සන්නාමයක් කරන්න හීන දකින කෙනෙක් නම් 07 steps branding course එකට join වෙලා මමත් එක්ක මේ branding ගමන යන්න එකතු වෙන්න!

Dilshan T Amarasinghe – Artistic-minded Entrepreneur

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *