බිස්නස් පටන් ගන්න අදහසක් තිබ්බට පටන් ගන්න බයද?

ඔයාට අදහසක් Business Idea එකක් තියෙනවා කියන්නේ කොහෙත්ම බය වෙන්න අවශ්‍යය නෑ. ඔයා බය වෙන්න ඕනේ මෙච්චර Opportunity තියෙන තැනක කිසිම Business Idea එකක් නැත්නම්. මෙතනදි අපි හදුන ගන්න ඕනේ අපි මොකටද මේ බය වෙලා තියෙන්නේ කියන දේ.

මේ බිස්නස් වලට තියෙන බය නැතිකරගෙන කොහොමද ඔයාගේ Business Idea එක ක්‍රියාවට නංවන්නේ කියලා මම පියවර තුනකින් කියලා දෙන්නම්. ඔයාට පුලුවන් ඒ පියවර තුන follow කරන්න පටන් ගන්න කිසිම බයක් නැතුව ඔයාගේ Business Start කරන්න.

මම කතාවට යන්න කලින් Business Fear ගැන පොඩි පැහැදිලි කිරිමක් කරන්නම්. බය කියන්නේ අපේ මොළයෙන් අපිව මොනවා හරි දෙයකින් ආරක්ෂා කර ගන්න එක පාර මොලයෙන් වෙන ක්‍රියාවලික්. මේ පෝස්ට් එක කියවන ඔයත් මේ පෝස්ට් එක ලියන මමගෙත් ඇඟ ඇතුළේ Fear Function එක තියෙනවා.

හැබැයි අපි මේ බය කියන එක Control කර ගන්න ඉගෙන ගත්තේ නැත්තොත් අපිට ලයිෆ් එකේ අලුත් දෙයක් පටන් ගන්න / අත් හදාබලන්න බැරි වෙනවා. මොකද මේ බය නිසා හැමදේම පස්සට දදා තමා ඉන්න වෙන්නේ.

හරි මම හිතනවා දැන් ඔයා දන්නවා බය කියන්නේ ඔයාට විතරක් තියෙන ලෙඩක් නෙමේ කියලා. එතකොට කොහොමද බිස්නස් එකක් පටන් ගන්න බය නැති කර ගන්නේ. මේ මම කතා කරන හැම ක්‍රමයක්ම මම ප්‍රැක්ටිකලි කරලා තියෙනවා ඒකයි මම ඔයාට මේ දේවල් Recommend කරන්නේ.

01. Step: Break it small:

ඔයා බිස්නස් එක ගැන දකින Big picture එක කුඩා කොටස් වලට කඩා ගන්න. එතනදි ඔයාට පුළුවන් පියවරින් පියවර ඔයාගේ බිස්නස් එක පටන් ගන්න. මොකද මට සමහර අය කියලා තියෙනවා “මට බිස්නස් ප්ලෑන් එක තියෙනවා හැබැයි කොතනින්ද පටන් ගන්නේ කියලා හිතා ගන්න බෑ.” කියලා.

“ඔව් ඔව් ඔයාටත් මේක ඇති! එහෙනම් මේක කරන්න.”

බිස්නස් ගැන කවුරු හරි මගෙන් අහපුවාම මම මුලින්ම අහන්නේ, බිස්නස් එකේ නම මොකක්ද? බිස්නස් එක රෙජිස්ට්‍රාර් කරාද? ලෝගො එකක් හැදුවද? Business Vision එක මොකක්ද? බහුතරයක් අයට මේ ප්‍රශ්ණ අහපුවාම, එක්කො එකකට විතරක් ඔව්! කියනවා.

බිස්නස් එකක කරන්න ඕනේ පලවෙනි දේවල් ටිකවත් නොකර ඉන්නවා කියන්නේ ඔයා හරියට බිස්නස් එක ප්ලෑන් කරලා නෑ කියන එක තමා. ඒක නිසා ඔයාගේ බිස්නස් ප්ලෑන් එක කොටස් වලට වෙන් කර ගන්න.

බිස්නස් එකේ නම / ලියාපදිංචිය / ලෝගො එක / පැකේජින් / මාර්කටින් මේ විදිහට ඔයාගේ හරි සැලසුමක් හදාගන්න. බිස්නස් එක බිස්නස් එකක් විදිහට දකින්නේ නැතුව පොඩි පොඩි කොටස් වලට කඩපු Task විදිහට දකින්න. ඒවා Daily, Weekly, Monthly Goals විදිහට වෙන් කරගෙන පටන් ගන්න.

02. Step: Plan less, Do more:

මේකත් බහුතරයක් අය බය වෙලා ඉන්න තවත් කොටසක්. සමහර අය බිස්නස් අයිඩියා එක ආපූ ගමන් එක ඇතුලේ සමහර අය හදාගන්නවා හැමදේම Perfect වෙන්න ඕනේ ඒක නිසා එකපාර වෙබ් එකකුත් හදලා ඇප් එකකුත් හදලා එකේ ප්‍රමෝෂන් එක යූටුබ් එකෙත් ගහලා බ්‍රාන්ච් එකකුත් දාලා ඔහොම බිස්නස් එක එකපාර පටන් ගන්න.

හැබැයි අතේ සල්ලිත් නෑ මේ දේවල් කරන්න. ඉතින් බය වෙලා කල්පනා කරන්වා අයියො මම කොහෙන්ද මේක පටන් ගන්නේ, කොහොමද මම මේ සල්ලි හොයා ගන්නේ කියලා. ඔයා මෙහෙම සැලසුමක ඉන්නවා නම් ඔයා ඉස්සෙල්ලා ඔයාගේ පලවෙනි කස්ටමර්ස්ලා 10 හදන්න ඒ ගැන අදහසක් නැත්නම් මම ලියලා තියෙන Blog එක කියවන්න.

ඊට පස්සේ ශෝෂල් මිඩියා ටික පටන් ගන්න එකෙන් ඩේටා ගන්න Feedback ගන්න ඊට පස්සේ අප්ඩේට් එකක් විදිහට වෙබ් එකකට යන්න එතනින් තවත් අප්ඩේට් එකක් විදිහට ඇප් එකකට යන්න මෙන්න මේ වගේ ඒ හැමදේම කොටස් වලට කඩා ගන්න.

03. Step: Visualize Success:

මේක මාරම Important thinking එකක්. අපි දේවල් පටන් ගත්තට බහුතරයක් අය දකින්නේ ඒ කරන දේ ගැන විතරයි කවදාවත් ඒ අය එයාගේ Future එක ගැන මනෝපාරක් ගහලා නෑ.

ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඔයා අද ඉන්න තැනින් තව අවුරුද්දකින් ඔයා ඉන්න තැන ගැන Visualize කරන්න. අද ඔයා ඉන්නේ කාමරේ ඇතුලේ පොඩි මේසෙක ලැප් එක තියාගෙන වෙන්න පුළුවන් නමුත් ඔයා දකින්න තව අවුරුද්දකින් අවුරුදු දෙකකින් ඔයා ඉන්න කැමති ජිවිතය ගැන. ඔයාගේ ව්‍යාපරය සාර්ථක ව්‍යාපාරයක් වෙලා ලෝකය පුරාම බ්‍රෑන්ඩ් එක යන විදිහ ගැන Visualize කරන්න.

මෙන්න මේ පියවර තුන Follow කරන්න ඔයාගේ ඔලුවේ Idea එකක් විදිහට තියෙන බිසනස් එක පටන් ගන්න.

ඔයත් අද පටන් ගන්න හෝ පටන් අරන් ඉන්න ව්‍යාපාරය සන්නාමයක් කරන්න හීන දකින කෙනෙක් නම් 07 steps branding course එකට join වෙලා මමත් එක්ක මේ branding ගමන යන්න එකතු වෙන්න!

Dilshan T Amarasinghe – Artistic-minded Entrepreneur

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *