මිනිස්සු මොනවා හිතයිද කියලා හිතලා වැඩ කල් දානවද?

ඔයා කරන දේ සම්බන්දව නැත්නම් ඔයාගේ අතින් සිද්ද වුණ දෙයක් සම්බන්දව එහෙමත් නැත්නම් ඔයා කරන්න ඉන්න දෙයක් සම්බන්ධව මිනිස්සු මොනා හිතයිද? මිනිස්සු මාව Judge කරයිද? වගේ දෙයක් හිත හිත කරන්න අවශ්‍යය දේවල් නොකර ඉන්න කෙනෙක් නම් මම මේ කියන දේ පොඩ්ඩක් අහන්න.

කතාවට යන්න කලින් මේ සම්බන්ධයෙන් මට ලැබිලා තියෙන අත්දැකීම් වලින් එකක් කියන්නම්, මම Mr. Beard පටන් ගත්ත කාලයේ පටන් ගන්න සැලසුම් කරන කාලයේ බහුතරයක් මිනිස්සු, විවිධ පුද්ගලයන් කියපු දෙයක් තමා ඕවා කරලා හරියනවද? උඹට පුළුවන්ද ඕවා කරන්න. ඕක කරලා නම් කෙලව ගන්න තමා හදන්නේ වගේ කතා කිව්වා.

මේ කතාව කියද්දි මට මතක් වෙන පොඩි කතාවක් තියෙනවා. ඔයා අහලා තියෙනවද La Fontaine කතාව?

කපුටෙක් සහා කොවුලෙක් අත්තක් උඩ ඉඳගෙන සිංදු කිය කිය හිටියලු. කපුටා කිව්වලු මම තමයි හොඳටම සිංදු කියන්නේ කියලා. කොවුලා කිව්වලු නෑ මම උඹට වැඩිය හොඳටම සිංදු කියන්නේ කියලා.

ඒ වෙලාවේ එතනින් ගියාලු ඌරෙක්. කපුටා ඌරට කිව්වලු අපි දෙන්නගෙන් ලස්සනට සිංදු කියන්නේ කවුද කියලා තෝරන්න කියලා. කපුටා ක්‍රෝ ක්‍රෝ කියලා සිංදු කිව්වලු. කොවුලා ෂු ෂු ගලා සිංදු කිව්වලු දෙන්නගෙම හැකියාව බලාගෙන හිටිය ඌරා අන්තිමට තීරණය කරාලු ලස්සටම සිංදු කියන්නේ කපුටා කියලා.

මේක අහපු කොවුලා අඩන්න ගත්තාලු එතකොට ඌරා කිව්වලු “මට තේරෙනවා පැරදුණාම දුකයි තමා කියලා” කොවුලා එතකොට කිව්වලු “මට දුක පැරදුණ එක ගැන නෙමේ, ඌරෙක් මාව විනිශ්චය (Judge) කරපු එක” කියලා.

මම හිතනවා ඔයා මේ කතාව තේරුම් ගත්තා නම් මම තව පැහැදිලි කරන්න අවශ්‍යය නෑ කියලා. අපේ ජිවිතෙත් සමහර තැන් වලදි මේ වගේ ඌරන් හම්බෙනවා ඒ ඌරො කිසිම දෙයක් නොදැන අපිව විනිශ්චය කරන්වා. හැබැයි ඒ විනිශ්චය නිසා ඔයා කරන දේ නවත්තන්වද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ ඔයා.

යම් කිසි ක්ෂ්ත්‍රයක දැනුමක් තියෙන පුද්ගලයෙක් ඔයාට දෙන Advice සහා Judgment වගේම කතාවේ හිටියා වගේ ඌරන්ගෙන් ලැබෙන Advice සහා Judgment කියන්නේ එකක් නෙමේ දෙකක් බව ඔයා හොදින් මතක තියා ගන්න.

ඌරන්ගේ විනිශ්චයට බයේ පටන් නොගත්ත දේවල්, පටන් අරන් අතරමඟ නවත්තපු දේවල් අදම නැවත සැලසුම් කරන්න. අදම පටන් ගන්න! ඌරෙක්ට ඔයාගේ ජිවිතේ තීරණ ගන්න ඉඩ තියන්න එපා වගේම ඔයාගේ ඇඟ ඇතුළේ ඉන්න ඌරව මතක ඇතුව මරලා දාන්න අමතක කරන්න එපා!

ඔයත් අද පටන් ගන්න හෝ පටන් අරන් ඉන්න ව්‍යාපාරය සන්නාමයක් කරන්න හීන දකින කෙනෙක් නම් 07 steps branding course එකට join වෙලා මමත් එක්ක මේ branding ගමන යන්න එකතු වෙන්න!

Dilshan T Amarasinghe – Artistic-minded Entrepreneur

Similar Posts

  • බිස්නස් පටන් ගන්න අදහසක් තිබ්බට පටන් ගන්න බයද?

    ඔයාට අදහසක් Business Idea එකක් තියෙනවා කියන්නේ කොහෙත්ම බය වෙන්න අවශ්‍යය නෑ. ඔයා බය වෙන්න ඕනේ මෙච්චර Opportunity තියෙන තැනක කිසිම Business Idea එකක් නැත්නම්. මෙතනදි අපි හදුන ගන්න ඕනේ අපි මොකටද මේ බය වෙලා තියෙන්නේ කියන දේ. මේ බිස්නස් වලට තියෙන බය නැතිකරගෙන කොහොමද ඔයාගේ Business Idea එක ක්‍රියාවට නංවන්නේ කියලා මම පියවර තුනකින්…

  • බිස්නස් එකේ පළවෙනි Customers 10 වියදමක් නැතුව හදාගන්නේ කොහොමද?

    බහුතරයක් අයට තියෙන ගැටලුවක් තමා Business එකක් පටන් ගත්තට මේක කාටද මුලින්ම විකුණන්නේ කියලා අදහසක් නැ. මේ ගැන කිසිම අදහසක් නැති නිසා මේ අය එක එක අයට ප්‍රඩක්ට් විකුනන්න උත්සහා කරලා ව්‍යාපාරය ෆේල් කියලා ව්‍යාපර නවත්තලා දානවා. මොකද මේ අය හිතාගෙන ඉන්න දෙයක් සහා Social Media වල සමහර Content දැකලා හිතන දෙයක් තමා Facebook Page…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *